Menu Close

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 05

එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි

මට කණගා‍ටුයි නංගි ඒ ගැන

ඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේ

එතකොට නංගිට දරුවෝ එහෙම නැද්ද

නෑ අයියේ

ඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැ

මට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ අම්මා ගාව.මන් අනාත කෙල්ලක් පොඩි කාලෙම අපේ අම්මලා මාව අනාත නිවාසෙක දාලා ගිහින් ඉතින් මට මහත්තයාව හම්බ උන දවසේ ඉදන් මේ අම්මා තමා මගේ අම්මා වගේ මගේ ලගින් හැම දේටම හිටියේ ඉතින් මට මේ අම්මාව දාලා යන්න බෑ.අපි කාගෙත් කරුමේ තමා අයියේ

නංගි මොකුත් බොන්නේ නැද්ද මට විතරක් සලකලා නිකන් ඉන්නේ

මට බොන්න බෑ අයියේ දැන් නේ මන් කාලා අවේ..
මට අහන්නත් බැරි උනා අයියා කාලා ද ඉන්නේ

ඔව් නංගි මන් ටවුන් එකෙන් රෑට මොනවා හරි කනවා දන්නේ නැද්ද අපේ රස්සාවල හැටි ඉතින්

අයියා ඉතින් බැදලා නැද්ද

සිරිපාලට මීට දිය යුතු උත්තරය මොකක් දැයි සිතා ගත නොහැකිව මොහොතක් කල්පනාවක වැටී සිටියාය.ම් මේ වෙලාවේ කට්ට පුරුෂ ලක්ෂණ ඔහු තුල මතුවන්නට විය.මෙතරම් සුන්දර උවතියක් සමග ඇතිවෙලා තියන මේ කුකුසෙන් ප්‍රයෝජන ගන්නට සිතා දිය යුතු පිළිතුර ගැන ඈ සිතන්නට විය.

මොකද අය්යේ මන් වැරදි දෙයක් ඇහුවාද?

නෑ නෑ නංගි මන් මේ පොඩ්ඩක් ක ල් පනා කලේ..මේ….මටත් තිබුනා ලස්සන පවුල් ජීවිතයක් අපි දැන් ඉතින් මහලු උදවියනේ

එතකොට අයියා බැදලා හිටියේ දැන් ඒ කාසාදේ නැද්ද

නෑ වගේ තමා නංගි දරුවෝ දෙන්නා ඉන්නවා මන් උන් දෙන්නට සලකනව ඒවා මගේ යුතුකම් අනික මගේ දරුවෝනේ

ඒ කියන්නේ අයියාට දරුවෝ ඉන්නවා ඈ දිග හුස්මක් පිට කරමින් ඒ ප්‍රකාශය කල එක ගැන ගුණපාලට අමුත්තක් දැනෙන්නට විය.ඒ ඈට දරුවෙක්වත් නැති නිසා වන්නට ඇතැයි ඔහු හිත සකසා ගත්තාය.කෙසේ නමුදු දැන් ගුණපාලගේ පුරුෂ ගති මෙල්ල වූවා සෙයකි මේ අනාථ ගැහැණිය ගැන සිතට ඇති වූයේ අනුකම්පාවකි.

ඔහු ඔලුව ඔසවා ඈ කොහේ දැයි සොයන්නට විය.ඈ සාලයේ ඈත ජනේලය ලගට වී ඈත පාර දෙස බලා සිටියාය.අසරණ ජීවිතයක්.ගුණපාල සිතනනට විය.ඈ සමඟ පැමිණි ගැහීම් සියල්ලට කුමක් වෙලාද ඔහු සිතන්නට විය.මේ ගැහැණිය නම් පුදුමයි සුන්දරයි ඒ ඔක්කෝම කතාවකින් මාව අසරණ කලා.

නංගී මන් යන්නම් එහෙනම් දැන්..අයියාට කන්නත් බෑලූ නේ අම්මත් තව ටිකකින් එයි ඉදලාම යන්න අයියේ..

එහෙනම් තව විනාඩි පහලොවක් විතර බලලා යන්නම්කෝ …

අසල තිබූ පු‍ටුවේ තිබූ පත්තරය ‍රැගෙන ඔහු එය පෙරලන්නට විය.ඇස් දෙක පියවෙන තරමට ඇගට වෙහෙසය ඒ තරමටම හිතද වෙහෙසකරයි.

තද සීතලකින් එක්වරම ගුණපාල ගැස්සී අවදි විය.පාර අයිනට වෙන්නට ඔහුගේ බස් රථයද නවතා තිබුනි පාර අයිනේ බංකුවකට වී ගුණපාලට නිද ගොසිනි සිදුවූයේ කුමක්ද යන්න සිතන්නට විය.ඔහුට හිතන්නට දෙයක් නැත මුලු ගතම දහඩියෙන් නෑවී උණ ගැනී තිබුනි.හැකි ඉක්මනින් බස් රථය පණ ගන්වා යන්නට උවමනා විය….

නිමි.

01. එක කොටස කියවන්න>>
02. දෙක කොටස කියවන්න>>


අවුරුදු හතරකට කලින් ලියනන්ට පටන් ගත් කථාවක් අවසන් කරන්නට උවමනා විය.කාලයකින් නැවත ලියන්නට ද සිත් විය.ලිවීම ආරම්භ කරණු වස් මෙය මෙසේ ලියා අවසන් කලෙමි.

%d bloggers like this: