Menu Close

මිනිසා හා ආගාධය

9ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

මිනිසා සිටින්නේ ආගාධ තුලය.ඒ ආගාධ බහුවිධ ආකාර ගනී.ඒ ආකාරයන් තීරනය වන්නේ පුද්ගලයාගේ සාමාජීය බලපෑම මතය.එසේ නම් සාමාජීය බලපෑමක් එල්ල නොවන පුද්ගලයින් සිටිය යුතුය.ඔව්,ඔවුන් වීදුරු සේය,වීදුරු හරහා එලිය නොරැඳී ගමන් කරනවා සේ ඒ පුද්ගලයන් තුල සමාජීය බලපෑම් නොරැඳී ගමන් කරයි.
එවිට ඔවුන් තුල කිසිවක් නැද්දැයි ප්‍රශ්නයක් පැන නැගේ.ඒ අපිට පෙනෙන හැටිය,හිතන හැටිය.ඒත් බලන්ඩ වීදුරුව ස්ථරයෙන් ස්ථරය ගැලවුවහොත් අවසාන ස්ථරය දක්වා වීදුරු එකිනෙක ඇලී පවතී.එහෙනන් ඇයි අපේ ඇස් වලට ඒ පිරීම නොපෙනෙන්නේ,.අපේ දැකීම ඕනෑවට වඩා ගැම්ඹුරුය.එහෙත් ඒ ගැඹුර භෞතිකය.ඕනෙවට වඩා දේවල් දකින ඇස් අපිට හිමිය.එසේ නම් අප ඕනෑවට වඩා දෙවල් දකින්නේ ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තුවන නිසාය.

මිනිසෙකුගේ දැකීම නිපදවන්නේ ඔහුගේ ආගම හෝ දර්ශනය හෝ සාමාජීය බලපෑම හෝ සංස්කෘතිය හෝ සදාචාරාය වේ.ඒ කියන්නා වූ විවිධ සංවිධාන හා මිනිසෙකු ඒ ඒ රාමු තුල ඇඳ-බැඳ තබා ගනී.එය ඔවුන්ගේ අදහස් ,සිතුම් පැතුම් වැනි අව්‍යාජ ක්‍රියාවලීන් බැහැරකර විශ්වාසය හා ගෞරවය යන ව්‍යාජ ක්‍රියාවලීන්ට බඳුන්කරනු ලබයි.

කාන්තාරය ගැන නොදන්නා මිනිසෙකු කාන්තාරය කෙලවර කකුළට දම් වැලක් දමා බැඳ ඔහුට පවසන්න “මෙය කාන්තාරයක් , මෙහි කෑම බීමට යමක් නෑ මිනිසෙකුට කිසිසේත්ම මෙහි ජීවත් විය නොහැකියි” කියා.ඔහු ඔබව කිසිසේත්ම විශ්වාස නොකරනු ඇත.ඔහු යදමින් ගලවා කන්න්තාරය පුරා ඇවිද එය සියැසින් දකිනතුරු එය විශ්වාස නොකරනු ඇත. එහෙත් ඔබ ඔහුට ආහාර ජලය ලබා දී ඔබ පෙර පරිදිම පවසන්න ඔහු ඔබව හිස් මුදුනින් පිළිගනු ඇත.ඒ ඔහුට සිය කුතුහලයට වඩා ආශාව ඉහල බැවිනි.ඔබට ගෞරව කරනු ඇත.ඔබට වඳිනු ඇත.ඔහුට තමා බැඳ දමා ඇති බවක් මතකයට නො එනු ඇත.මිනිසෙකුට අවශ්‍යතාවයන් ලැබෙන විට ඔහු සියලු කුතුහලයන් යටපත් කරගනු ඇත.ඒ මිනිසාගේ ස්භාවය වේ.සියලුම ආගම් විසින් සිදුකරන්නේ මෙයය.ඔබ අමතක නොකළ යුතු තවත් කරුනක් ඇත.එය නම්, කාන්තාරක ක්ෂේමභූමි පවතින බවයි.

මුලින්ම කළ යුත්තේ මේ ආගම් ඉවත්කර දැමීමයි.එසේ කළා කියා මිනිසා අයාලේ යන්නේ නැත.මේ ලෝකයේ තිබිය හැක්ක්කේ එක් සත්‍යක් පමණි.එහෙත් අසත්‍යන් බොහෝ ගනනක් තිබිය හැකිය.මිනිසා මුදාහැරීම,විඳීම,ලබාගැනීම තුල ඔහුට සැබෑ සත්‍ය අවබෝධ වේ.මක්නිසාද යත් සියල්ල අසන දකින විඳින මිනිසා සියල්ල තුල පරතෙරටම යාමේ හැකියාව ලැබෙන බැවිනි.සෑම ආගමකම අවසානයක් ඇත.එය විමසා බලා හදෑරීම නිදහස් මිනිසාට කළ හැක්කකි.

සංස්කෘතිය,සදාචාරය හා හැදියාව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විය යුතුය.ඔබේ සංස්කෘතිය මගේ සංස්කෘතිය නොවිය යුතුය.ඔබේ හැදියාව මගේ හැදියාව නොවිය යුතුය.ඒ හෙයින් ඔබේ ආකල්ප මා තුලින් බලාපොරොත්තු නොවිය යුතුය.හුදෙක් ඔබ මා නොවිය යුතුය මා ඔබ නොවිය යුතුය.ඔබේ සිතුම් පැතුම් ඔබේ දරුවා තුලින් බලාපොරොත්තු නොවිය යුතුය.ඔබේ සදාචාරය සංස්කෘතිය හා හැදියාව ඔබ තුල පමණ තබාගත යුතුය හා ඔබ තුලින් පමනක් ක්‍රියාත්මක වනු බලාපොරොත්තු විය යුතුය.

මගේ සදාචාරය හෙලුවෙන් යෑම නම්,ඔබේ සදාචාරය ඇඳුම් ඇඳගෙන යෑම නම්.මට හෙලුවෙන් යෑමට ඔබ ඉඩ දිය යුතුය,ඔබට ඇඳුම් ඇඳන් යෑමට මම ඉඩ දිය යුතුය.මම ඔබට හෙලුවෙන් යන ලෙස බලපෑම් නොකල යුතුය,ඔබ මට ඇඳුම් ඇඳගෙන යන ලෙස බලපෑම් නොකල යුතුය.එසේ නම් මිනිසා ජීවත්විය යුත්තේ තමා තුල මිසක් අනෙකා තුල නොවේ.

ඔබ අනෙකා තුල ජීවත් වීමට යාමෙන් ඔබ ආගාධයට වැටේ,ඔබ ඔහුගේ අච්චුවක් බවට පත්වේ.මෙහිදී අනෙකා යනු ආගම,දර්ශනය,සංස්කෘතිය හා හැදියාව ලෙස සලකන්නේ නම් මැනවි.

මේ ආගාධ තුලින් පිටතට පැමිණ ජීවිතය විඳීම සැබැවින්ම ආශ්වාදජනක වියහැකිය.
%d bloggers like this: