Menu Close

ගණිකාවෘර්තිය නීතිගත කළ නොහැකිද?

ලිංගිකත්වය ලොව සෑම  මිනිසෙකුටම වැදගත් වන්නා වූ දෙයකි.ඔවුනොවුන් දෙපිරිසක්, තුන් පිරිසක් ලෙස බෙදා වෙන්කරන්නේ මේ සාධකය මතය.මෙසේ බෙදා වෙන්වන ලිංගිකයෝ නැතහොත් මිනිසුන් විරුද්ධ හෝ සමාන ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වෙති.සිය අවශ්‍යතා සපුරා ගනිති.ඒවා අකිනෙකාගෙන් එකිනෙකාට බොහෝකොට වෙනස් මුහුණුවරක් ගනී.මිනිසා තෘප්තිමත් නොවන අවශ්‍යතා අතුරින් ලිංගික අවශ්‍යතාවය යනු බොහෝ විට මුල්තැනක් ගන්නා බව මාගේ විශ්වාසයයි.සිය ලිංගික අවශ්‍යතාවය සපුරා ගැණීමට මිනිසා සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගනී.

ලිංගික අවශ්‍යතාවය මිනිසා තුල බුරබුරා නැගෙත්ම ඔහුගේ තෘප්තියේ සීමාවක් නොවීය.ගැහැණියද පිරිමියාද වෙනසක් නොවීය.ඔවුන් සෑම විටම සොයන්නේ නවමු අත්දැකීමය.මිනිසා යනු එක් රාමුවක් තුල විසීමට අකමැති සත්වයෙකි.ඒ හෙයින් ඔවුනොවුන් නවමු අත්දැකීම් කරා යොමුවෙති.මෙසේ අවශ්‍යතාවය උග්‍රවත්ම මිනිසා ඒ සඳහා විවිද පිළියම් ක්‍රියාත්මක කළේය.

මිනිසා ඈත අතීතයේ සිටම විවිධ ඇදහිලි හා විශ්වාස මත ජීවත් විය.ඒවා තුල බොහෝකොට ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත අවශ්‍යතාවයන් සාකච්චා කෙරිනි.මේ කියන්නා වූ බහුවිධ අවශ්‍යතාවයන් හා තෘප්තිමත් රමණයක් සඳහා ඔවුහු විවිධ ක්‍රියාමාර්ග ඉටුකළහ.ඉස්ලාම් ආගමේ බහුභාර්යයා සේවනය,බුද්ධාගම හා හිංදු වැනි ආගම්වල ශික්ෂාපද , නීතිරීතීන්  පැනවීම දක්නට ලැබිණි.එහෙත් ඒවායේ විශාල දුර්වලතා හා සුලු  ශක්තිමත් බවක් පෙනෙන්නට ඇත.

මේ ලිංගික ක්‍රියාවලිය සිදුවන්නේ අනෝන්‍ය ආකර්ශනය තුලිනි.ඒහෙයින් මෙයට එකිනෙකාගේ ආකර්ශනයක් තිබිය යුතුමය.එසේම ශාරීරික ආබාධ වැනි විවිද අපහසුතා හේතුවෙන් ඇතැම් අයවලුන්ට මේ ආකර්ශනය ලබා ගැනීමට නොහැකි වෙයි.මෙසේ වන්නන්ගේ අවශ්‍යතාවන් ඉටුකරලීමට ගණිකාවන් නොහොත් මුදලට සිරුර අලෙවිකරන්නන් පෙලගැසී සිටී.එහෙත් අප සමාජය තුල මේ ගණිකාවන්ට සිය අනන්‍යතාව විදහා දැක්වීමට නොහැකිය.සාරදර්ම,සංස්කෘතිය,ආගම් හා හැදියාවන් යන නිශ්ඵල ධර්මතා වලින් මේ අලෙවිකරු වසා සිටී .මෙය මූලිකම හේතුව ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත සිදුවීම් වසා සිටීමය,බැහැර කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින් එය තහනම් ක්‍රියාවක් හා වචනයක් කොට සැලකීමය.මහා පාපකාරී,අශුද්ධ ක්‍රියාවක් ලෙස හංවඩු ගැසීමය.සමාජයට අනුව මෙය සාපයකි නැතහොත් පාපයකි.

මිනිසුන් මුදල් වෙනුවෙන් බොහෝ දේවල් ඉටුකරති.මිනීමරති,තමාව විකුණති.තමාව විකුණන ආකාර අනුව ශ්‍රමය,බුද්ධිය ප්‍රධාන තැනක් ගනී.එහෙත් ඒ තුල තමාව ප්‍රතික්ශේප නොකරති.ගණිකාව තමාතුල ඇති දේ ප්‍රකාශ කරති,චලනයෙන් කියවති.ගණිකාව පිළිබඳව කිසිවෙකුට ගැටලුවක් නැත…ඇත්තේ කුහකකමති,ඊර්ශියාවකි,ඒ තමාට ලබාගැනීමට නොහැකිවීම පිළිබඳවය.

ලංකාවේ ගණිකාසේවය තහනම් කිරීම තුලින් සිදුවී ඇති කිසිඳු යහපතක් මා දකින්නේ නැත.ස්ත්‍රී දූශන , ලමා දූෂණ දිනෙන්දින වැඩිවනවා මිසක් අඩුවීමක් නැත.මෙසේ දිනෙන් දින පීඩනය සහිත මිනිසුන් ප්‍රමානය ඉහල යන්නේ ඔවුන්ගේ පීඩනය,අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.

දැඩි පීඩනයත් , අවශ්‍යතාවයත් හමුවේ බිලිගන්නේ අහිංසක ජීවිතය.බොහෝ විට මෙයට යොදා ගන්නේ යමක් කමක් නොතෝරෙන මල්කැකුළුවන් කුඩා දරුවන්ය.පීඩිතයාගේ හිංසන , මිනීමැරුම් , වලට ගැලපෙන ලෙස ලිංගික ශ්‍රම බකායක් ඇතිවිය යුතුය.ගණිකා වෘර්තිය යනු සේවාවකි ,අවශ්‍යතාවයකි…

ඉතින් ගණිකාවෘර්තිය නීතිගත කළ නොහැකිද?

%d bloggers like this: