Menu Close

වාරු ඇති මගෙ දෙපා

බස් රියක එල්ලිලා
යන මහත්තුරුන්ගේ – ඩා දියේ නෑවිලා
පාගගෙන ගියත් මා – විසැති අඩි නෝනලා
නුඹ බලන්නට එන්න – වාරු ඇති මගෙ දෙපා
සුවඳ හමනා හිනා මල් – පොකුරු බිම දමා
ම වෙත දිව එන තුරා – පන්ති අහවර වෙලා
නුඹේ රූ රටා ඇඳි – අහස දෙස බල බලා
එළිපත්තෙ ඇති හෙටත්  – වාරු ඇති මගෙ දෙපා
පෙර රජුන් මෙන් ඔබට – තනනු බෑ මාළිගා
අකුරු අබිසෙස් පමණි – තාම නෑ රජ වෙලා
ඒ වුණත් නොබිඳ ඔබ – සිත් අහස් මාළිගා
දිවි කතර තරණයට – වාරු ඇති මගෙ දෙපා
%d bloggers like this: