Menu Close

දුං (18+)

(http://trips.lakdasun.org/mullegama-to-pitakumbura-through-the-nilgala-forest.htm)

හීනියට ඇදපු බටේකින් බිංදුව බිංදුව වැටෙනව.කොච්චර උණුහුමට හැදුනත් අවසානෙ සීතලයි.ඒ හීතල පුංචි බිංදු ජීවිත රසවත් කරනව,නීරස කරනව.හැම එකකම දෙපැත්තැක් තියනව.ඒ දෙපැත්තම කැපෙනව තියුණුවට,ගැඹුරට .මේ බිංදුත් හරි තියුණුයි,ගැඹුරුයි ඒ වගේම හරි සැරයි.
මේ සරු සාරෙට හැදුනු ගහ කොල ගලාගෙන යන දිය පාර ජීවිතත් එක්ක හාද කම් කරනව ,ගනුදෙනු කරනව හරි අපූරුවට.මේ වතුර මේ ගස් මිනිස්සු වෙනුවෙන්ම ලියා ගත්ත කථා ඇති.ඒව අපි හුස්ම ගන්නකොට ඒ හුස්ම එක්ක කවලන් වෙලා ඇති.එහෙම කවලං වෙලා පරිසරයේ නිහැඬි කථාව අපිට කියනව ඇති.

ගස් වලට උඩින් පියාඹගෙන යන කුරුල්ලො.ගස් වලට යටින් පියාඹගෙන යන සමනල්ලු.බිම ඇවිදගෙන යන ලොකු වගේම පුංචි සත්තු මේ හැමෝම අපිට කතාවක් කියනව ඇති.ඒ පරිසර භාෂාවෙන්,නුපුරුදු මානව භාෂාවෙන්,ඒ පිරිසිදු අපි හැමෝගෙම භාෂාවෙන්..ආදරයෙන්,ලෙන්ගතු කමින්.

වැහි බිංදු අහස් කුස සූරගෙන ඇවිල්ල උස ගස් වල චූටි කොළ එක්ක සෙල්ලම් කරල පොළොවට කිඳාබහින්නෙ හරි ආදරයෙන්.බාග වෙලාවට මෙහෙම වෙන්ඩ බැරි කමකුත් නෑ.අහස පොළොවට දුරයි පොළොව අහසට දුරයි.ඉතින් අහසින් පොළොවට පණිවිඩ ගේන්නෙ වැහි බිංදු.
මේ හැමදෙම වෙන්නෙ දිගු අපූරු නිහැඩියාවක ගිලිල.ඒත් ඒ නිහැඬියාව අපිට හුරු පුරුදු නිහැඬියාව නෙවෙයි.ගෝසාකාරි නිහැඩියාවක්.ශබ්ධය නගන්නා වූ නිහැඩියාවක්.පිවිතුරු නිහැඩියාවක්.
ඒ නිහැඬියාවට අභියෝග කරන්නෙ පැහෙන වතුර ටැංකියෙ “ගොඩ” “ගොඩ” හඬ. දර කෝටු පුපුරන සද්දෙ නිහැඬියාවට අපූරු ස්වරයක් එකතු කරනව.

“ඔතෙන්ට වෙලා දුං උර උර ඉන්නැතුව මෙහාට වරෙන් බං”

“එනව…එනව….”

ඒ රංජිත් අයියාය.

“තෝ ඔතෙන්ට මුල් අදී පොඩ්ඩක් වරෙන් මෙහාට…”

සුවඳ පරිසරය පුරා පැතිරෙන්නට පටන් ගෙන ඇත.සීනි,කෙසෙල්,ගස් ලබු,රටඉඳි,මේ ජාතීන් කවලන් වී තැම්බෙනා විට හමන සුවඳ හරිම අපූරුය.

“පියන වැහිල නේද බං”

“හරි හරි දැන් හුමාලෙ දායි..”

“එහෙනන් මම පහලට යනව…”

“ආ…හරි හරි බං…”

පළතුරු තැම්බෙන බැරලයේ හුමාලය පිටව යාම වැලැක් වීමට එය පියනකින් වසනු ලබයි.ඒ පියනේ මැදින් ගැසූ තඹ බටයකි.එය දිය පාරේ ගල් මතින් වැටී ඇත.ගලා යන ජලය ඒ බටය මතින් ගලා යයි.
මේ ලිප පිහිටා ඇත්තේ දිය පාරේ ඉහලට වෙන්නටය.පහලින් බටය අවසන් වේ.ඒ අවසන් වන ස්ථානයේ බෝතලයක් තබා වෑස්සෙන බිංදු එකතු කරයි.පැය කිහිපයක පෙරීමකින් වාඩියට සෑහෙන සේ එකතු කරගත හැකිය.සති කිහිපයකට පමන සෑහෙන සේ එක් වරකදී පෙරා ගනු ලබයි.එහෙත් වැඩි දෙනෙක් කැමති වන්නේ කංසා ඉරීමටය.ඒ හෙයින් බොහෝ කාලයකට මේවා සෑහේ.
රංජිත් අයියා හැඩි දැඩි පිරිමියෙකි.කාල වර්ණ දේහය,ඉහලට කොට බැදූ කැරලි කොන්ඩය,කැහිපොට ගැසූ සරම ඔහුගේ හැඩි දැඩි බව තවත් ඉසමතු කරවයි.

අසා ඇති පරිදි ඔහු පුත්තලමේ ය.ඔහු මේ වාඩියට පැමින් දැනට අවුරුදු හතක් අටක් බව අනිත් එවුන්ගේ මතයයි.ඔවුන්ට අනුව මොහු මෙහි පැමින ඇත්තේ පොලීසියෙන් බේරීම සඳහාය.ඒ අවුරුදු දාසයක දැරියක් දූශනය කිරීමේ වරදට මොහුව සොයන බැවිනි.එහෙත් කිසිවෙකු ඔහු සිටින තැන මේ කථාව කියන්නේ නැත,අසන්නේ නැත.අඩුම තරමින් ඔහුවත් ඒ ගැන කියන්නේ
නැත.

ඒ හෙයින් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ මට වැටහීමක් නැත.එහෙත් ඔහු හොඳ ස්ත්‍රී ලෝලියෙකු බව මා දන්නේ මධු රසවිඳින විටය.

“බෝතල් පහක් හරි බං…ඕකෙ ගිණ්දර ටිකක් අඩු කරපන්”

ඒ රංජිත් අයියාගේ විධානයය.

මොන අපරාධ කොට තිබුනත් ඔහු අප හැමටම සහෝදරයෙකු සේ ලෙන්ගතුය.

“කළුව කැලේ රිංගුවද දන්නෑ..”

“ඌ නොගිහින් ඉදීද අපි මෙහෙ කියල දැනගත්තුවහම.”

“එහෙනන් දැනටමත් හොඳ ඌරු නාම්බෙක් කුදලගෙන එනව ඇති…”
රංජිත් අයියා හඬ නගා සිනහවෙයි.අසා සිටින්නෙකුට හැගෙනුයේ එය මහා වියරු සිනහවක් ලෙසය.එහෙත් එය එසේ නොවේ.ඒ මොහුගේ හැටිය.

හිතලුවකට සත්‍යයයැයි පැවසීම කොතරම් සාර්ථක දැයි මා නොදනී.එහෙත් එහි සාර්ථකත්වය මා විඳ ඇත.හිතලුව නම් සුරපුරයයි,සංතෘෂ්ඨියයි,ආශාවයි…..ඒ හිතලුව සැබෑවට හරවන්නේ මේ වැවෙන කංසා හේනයි.යායක් පුරා වැවී ඇති මේ හේන හිතලුවට අභියෝග කරන පරම සත්‍යයි.

මත්වුනු  රංජිත් අයියා යනු කතා ගුහාවකි.ඔහුගේ කථා පටන් ගන්නේ ගැහැණියකගෙනි අවසන් වන්නේ ද ගැහැණියකගෙනි.ඔහුගේ සෑම කතාවකම වීරයා ඔහුය.පරාජිතයා සුලුතරයක පිරිමියෙක් වන අතර බහුතරයක ගැහැණියෙකි.රති කෙලියට ඔහු සූරයෙක්ලු.පැය කිහිපයක් ඇඟ උඩ දගලන්නට හැකීලු.ගැහැණියගේ දෑස් තෙත්වී ඇය වැරහැලිවන තුරු.,

“ඔය කියන විදිහට රංජිත් අයියට මේ රට පුරාම ළමයි ඇති.”
දිනක් මා ඔහුගේ කථාවට ඌන-පූරනයක් එක් කලෙමි.

“යකෝ…මම ළමයි හැදෙන්ඩ නෙවේ  හුකන්නෙ….රෙන්ඩ බැරි වෙන්ඩ..”

සියල්ලෝම සිනහ ගැස්සූ එම කුණු හරපයේ තේරුම මා දැන ගත්තේ ඊට බොහෝ කාලයකට පසුය.

අපේ හේනේ අයිතිකරු ලොකු මහත්තයාය.අපි කවුරුත් ඔහු ඇමතුවේ එසේය.ඔහු හැදි දැඩි පුරුශයෙකි.නිතරම ඇන්දේ ලාපටට හුරු ඇදුම්ය කලා තුරකින් කලු කලිසම් අඳී.එහෙත් ඔහු ගෙලේ බැඳි රන් මාලයත් අතේ බැඳි රන් පැහැ ඔරලෝසුවත් වෙනස් නොකරයි.ලොකු මහත්තයා ලොකු ලොකු මහතුරු ඇදුනුවේය.පොලීසියේ මහත්තුරු ඒ අතර බහුලය.
ලොකු මහත්තයා සමඟ මා වචන කිහිපයකට වඩා කතා කොට නොමැත.එහෙත් ඔහුගේ බිරිඳ සමග මා හොඳ හැටි කතා කොට ඇත.ඇගේ නම “පොඩි කුමාරි” යි.

ලොකු මහත්තයා හේනට එන්නේ මාසයකට සැරයක්ය.ඇතැම් විට කලාතුරකින් මාසයකට දෙදෙදිනක් පැමිනෙයි.ඔහු  උදෑසනම පැමින කළුවාත් රංජිත් අයියාත් සමග නගරයට පිටත් වෙයි.ඒ පොලිසියේ මහවරු ඇතුලු පිරිස හමුවන්නට බව මා දැන ගත්තේ කලුවාගේ ගමන් තොරතුරු වලින්ය.එදිනට වාඩියේ සිටින පොඩි කුමාරි හාමි බලා ගන්නට වන්නේ මටය.හේනේ ඇති ලොකු පැල්කොටය මෙය නිසාත් අනෙක් අයට හේනේ අනිත්කොන පැල්කොට දෙකක් තිබෙන නිසාත් කිසිවෙකු මෙහි නොපැමිනෙයි.රැහේ සිටින පොඩි ම එකා මා නිසා ලොකු මහත්තයා මා සමඟ පොඩි කුමාරි හාමි තනිකොට යයි.

ලොකු මහත්තයට වඩා පොඩි කුමාරි බොහෝ වයසින් ලාබාලය.බාගවිට එය අවුරුද දහයක් පහළොවක් පමණ විය හැකිය.
ඇය කෙලි ලොල්ය.දඟකාරය.හුරුබුහුටිය.
ඇය මා හා එක්ව කතා කියයි.සිනහසෙයි.
ඇය වඩාත් කැමතිම පාං පිටි රොටී කෑමටය.ගෝන තෙල් කට්ටකින් රසවත් කල එය ඇයත් මාත් දහවල් ආහාරය ලෙස බුක්ති විඳී.
අලුතෙන් පෙරූ පළතුරු ඇත්නම් එයින් වීදුරු කිහිපයක් හිස් කිරීම ඇගේ සිරිතයි.ඉන්පසු පෙරටත් වඩා මා හා දොඩමලු වෙයි.බොහෝ විට ඉන්පසුව අප දෙදෙනා හේනට පහලින් ගලා යන දොල පහරට ගොස් නාකියාගෙන පැමිනෙයි.එසේ පැමින් පිලිස්සූ රොටී කා ඇතුලු ගෙට වී ඇගේ කතා මා අසමින් මගේ කතා ඈ අසමින් සිනහ වෙයි.

විටක අප බිම් මැද්දෑවේ එලූ පැදුරක දිගාවෙයි.එවිට මගේ පරණ කසිකබල් සරම ගලවා ඉවත දමා සම්පූර්නයෙන්ම නිරුවත් වීම සිරිතයි.ඉන්පසු ඈ ද නිරුවත් වෙයි.දෙතුන් විටක් ඉහල පහල පනින ඇගේ ලැම සෙමින් නිසොල්මන් වියි.ඇඟටම ඇලී ඇතිසේ ඇඳ සිටිම මල් මල් චීත්තය ඇයව නිරාවරනය කරමින් පහතට ඇද වැටෙයි.පහල ශරීරය හිරි වැටෙන තෙක්  උඩ පැනිය යුතුය.ලැම සිප ගැනිය යුතුය.ඝන කැලේව පීර පොකුනෙන් දිය බිය යුතුය.උඩුතොල හැපිය යුතුය,යටි තොල හැපිය යුතුය,දිවට දිව ගෑවිය යුතුය.අවසානයේ පහල ශරීරය හිරි වැටුනු පසු නැගිටිය යුතුය.නැවත දෙදෙනාව ඇලට ගොස් නාකියාගෙන පැමිනිය යුතුය.

පැමිණ මා පිලේ පැදුරක් එලා වැතිර ගනී.ඈ ඇතුලු ගේ වැතිර ගනී.මා වහලේ ඇති පොල් අතු රටා ගනන් කරමි.හැඩ බලමි.ඒවාට කතා කරමි.සිනහ සෙමි.

“ඒයි ගෙම්බො….වරෙන් යකෝ යන්ඩ ඔතෙන්ට වෙලා දුම් පිම්බ පිම්බ ඉන්නැතුව.”

%d bloggers like this: