Menu Close

පුංචි ඇස් දෙක

“ඇයි අද ක්ලාස් එන්නෙ නැද්ද?”

පංතියෙ ගේට්ටුව ගාව හිටගෙන හිටපු කල්පගෙන් නිමේෂ ඇහුවෙ නිකමට වගේ.

“අහ්..යනව යනව….කවුරු හරි එනකල් හිටියෙ…”

නිමේෂගෙ පුංචි ඇස් දෙක එක්ක හිනාවුනු කල්ප එහෙම කීව.

වෙනදට යාලුවො ටික එනකන් කඩේ ගාව හිටියත් අද කඩේ වහල හිංද පංතිය ලඟට ආව.

“එහෙනන් යං ඉතින්”

නිමේෂට බෑ කියන්ඩත් බෑ පංති යන්ඩත් බෑ.…
 කල්ප පංතිය පැත්තට හැරුනට එන්නෙ නෑ කියල නිමේෂ දැක්ක.

“ඇයි?”

“නෑ මට අද සල්ලි ගේන්ඩ බැරි උනානෙ….ඔයා යන්ඩ..”

“අයියෝ මැට්ටො අද මාසෙ පලවෙනිද අද සල්ලි ඕනෙ නෑ…”

අන්තිම තුරුම්පුවත් සුං…

දොරෙන් ඇතුලු වෙලා නිමේෂ දකුණු පැත්තෙ ඉස්සරහින් ඉඳ ගද්දි කල්ප මැද හරියෙන් ඉඳ ගත්ත.පැය ගානක් පාඩම අහගෙන හිටියත් කල්පට දෙයක් තේරුනෙ නෑ..හරියටම කීවොත් තේරුම් ගන්ඩ උනන්දුවක් තිබ්බෙ නෑ.කොහොම හරි අන්තිමට පංතියෙ ඉන්ටවල් එකත් ලැබුන.ඒ එක්කම කල්ප බෑග් එක එල්ල ගත්තෙ පතියෙන් යන්ඩ.

ඉස්සරහින් ගියොත් යන්ඩ වෙන්නෙ සර්ගෙ කාමරේ ඉස්සරහිං ඒක හින්ද යන්ඩ හොඳම තැන කැන්ටිම පැත්තෙන්..

“කොහෙද ඔය යන්නෙ බෑග් එකකුත් එල්ලගෙන”

“මම මේ…… කෑම එක කන්ඩ යනව…”

“ඔහෙ කොහෙද යන්නෙ…..”

“අර එහා පැත්තෙ හෝල් එකට…”

“එහා පැත්තෙ…..?””එහා පැත්තෙ කොහෙද හෝල් එකක් තියෙන්නෙ…..”අර අරකට යනව….ඒකෙ එච්චර කට්ටිය නෑ….”……………..”හැබැ

යි බලාගෙන ඈ..”

“ඒ මොකද..”

..”ප්‍රේම වන්තියො දිහා බලාගෙන ඉඳල  දිව හැපෙයි….”

“යනව යන්ඩ..”

තරහෙන් පුපුර පුපුර ගියපු කල්ප පංතියෙන් වාඩි උනා.

“ෂික්…මටත් පිස්සු…මම මොකටද ඒකි කියන කියන ඒව අහගෙන ඉන්නෙ..”

………………………………………………………………………..
අන්තිම පැය දෙකත් ගෙවිල ගියා.පංතිය ඉවර වෙලා එලියට එද්දි නිමේෂ එලියට වෙලා බලාගෙන ඉන්නව.කල්ප නිමේෂව දැක්කත් දැක්කෙ නැති ගානට අහක බලාගෙන ගියා.

“කල්ප…කල්ප”

නිමේෂ පිටිපස්සෙන් ඇවිත් කතාකරා.

“මේ….ඔයා ගිය සතියෙ පංති ආවද?..”

“නෑ….මම ගිය සතියෙයි..ඊට ඉස්සල සතියෙයි පංති ආවෙ නෑ…”

“අයියෝ..කල්ප…මට ගිය සතියෙ නෝට් එක ලියාගන්ඩ බැරි උනානෙ…”

“එහෙනන් කාගෙන් හරි ඉල්ලල ලියා ගන්ඩ…”

අඩි කිහිපයක් කල්ප ඉස්සරහට ගියත් නිමේෂ කල්ප එක්කම ආව.

“මේ……ඔයා කොහොමද නෝට් එක නැතුව ලබන සතියෙ exam එක ලියන්නෙ..”

“මොන exam ද මම ලබන සතියෙ පංති එනවයැ…”එහෙම කියන්ඩ හිතුනනත් කල්ප කට වහගෙන හිටිය.

“ආ…..ඒක තමා මාත් මේ කල්පනා කරේ..”

“එහෙනන් මම යාලුවෙක්ගෙන් පොතක් ඉල්ලගෙන නෝට් එක ලියා ගන්නන්…”

“හ්ම්…”

“මේ…ඕනෙනන් මම ඔයාගෙ නෝට් එකත් ලියල දෙන්ඩද?”

“මේ මොන මළ ඉලව්වක්ද..”සිතිවිලි කල්පහෙ හිතේ පුපුරු ගහනව.

“හ්ම්..”

…………………………………………………………………………………………
“මේ ඔයා සීසන්ද?”

“නෑ…නෑ…මම මේ සැරේ ගත්තෙ නෑ…”

සීසන් එක ලඟ තිබ්බත් කල්ප එහෙම කීවෙ නිමේෂ ලඟ සීසන් තියන හිංද …එතකොට නිමේෂව මඟ ඇරල යන්ඩ පුලුවන්නෙ.

“අයියෝ…මටත් මේ සැරේ සීසන් ගන්ඩ බැරි උනානෙ…”එපා වෙනව අප්ප සීසන් ගත්තනන් හරි ලේසයි..”

දැන් ඉතින් බස් එකේ යනකල් කනක් ඇහිල යන්ඩ වෙන්නෙ නෑ..

“ආ..මේ මම අරකෙ යනව..මට පරක්කු වෙනව..”

“පොඩ්ඩක් ඉන්ඩ මාත් එනව..”

කල්ප යමින් තිබුන බස් එකට දුවගෙන ගිහිල්ල එල්ලුන..කල්ප එල්ලුන ගමන් බස් එක නතර කරා..ඒ එක්කම නිමේෂත් ඇවිල්ල බස් එකට නැග්ග.

“කල්ප පොඩ්ඩක් ඉන්ඩ මට උඩට යන්ඩ”නිමේෂ කල්පව පල්ලෙහ පඩියට දාල උඩට ගොඩ උනා.

“ආපෝ මේකෙ හරි සෙනඟ නේද?”

“හ්ම්..”

“අද යාලුවෙක්වත් හම්බුනෙ නෑ…මේ කොහෙවත් යන කෙල්ල හිංද..”

කල්ප පල්ලෙහ පඩියට වෙලා නිමේෂට හිතින් දොස් කියනව.

“මල්ලි පොඩ්ඩක් උඩට ගොඩවෙන්ඩ”

ඉස්සරහ දොරෙන් දුවගෙන ආපු කොන්දොස්තර පිටිපස්සෙ දොරේ එල්ලෙන ගමන් කීව.කල්ප එක පඩියක් උඩට නැග්ග.නිමේෂ කල්පගෙ මූනෙ ගෑවෙන තරන් ලංවෙලා.

“පොඩ්ඩක් උඩට යනවකො”කල්ප නිමේෂගෙ මූනදිහා බලමින් කීව.

“ඇවිල්ල බලනවකො ඉඩ තියනවද කියල”..නිමේෂ පුංචි ගෙරවිල්ලක් දැම්ම.

“ඔය නැගපු අය ටිකට් ගන්ඩ…!”

“අනේ කල්ප මටත් එක්ක ගන්ඩකො!…පර්ස් එක බෑග් එකේ”

“ඈ…….. ඔයාටත් නැගලද!!!……”

“ඈ….මොකක්ද?….??…හයියෙන් කියනවකො…ඇහෙන්නෑ…”

“නෑ නෑ…හරි..”

“මොකක්ද?”

“හරි බං හරි…ගන්නන් ගන්නන්!!..”

උඩටවත් ගොඩවෙන්ඩ ඉඩ නොතිබ්බ බස් එකේ ටිකකින් සෙනග හොඳටම අඩු උනා.නිමේෂ පිටිපස්සෙ ශීට් එකේ වාඩිවෙලා හිටපු තැන ලඟින්ම කල්පත් වාඩි උනා.

“මේ ලබන සතියෙ එද්දි පේපර් ටිකක් කරල එන්ඩ…මේ සැරේ පාඩම් හතර පහකින් පේපර් එක හදනව කීව..”
           
“හ්ම්..”

“කෝ පොත…”


…………………………………………………………………………………………………………………………………..

“කෝ මේකෙ තියෙන්නෙ අද නෝට් එක විතරයිනෙ..”

“ඔව්…ඔය අලුත් පොතක්…”

නිමේෂගෙ නිල් පාට ඇස් පොත පුරා පීනද්දි හරි අපූරුයි.සුදු පාට චූටි ඇඟිලි පොතේ පිටු පුරා හරි කඩිසරව ඇවිදිනව.කැරලි ගැහුනු කාල වර්ණ කොන්ඩය විටින් විට ඇයට බාදා කරත් ඇය ඒවා ආදරයෙන් පිටුපසට කරන්නෙ වැරැද්දක් කරහම ලමයිට අවවාද කරන අම්ම කෙනෙක් වගේ.

නිල් පාට බ්ලව්ස් එක.,නිල් පාට නිය ආලේපන,නිල් පාට ඔරලෝසුව.,නිල් පාට සෙරෙප්පු.,නිල් පාට බෑග් එක.හරිම පිළිවෙලයි.හරිම චාම්.

ජනෙල්ලෙන් හමාගෙන එන සුල්ං රැලි කැරලි ගැහුනු කොන්ඩෙ අරගෙන යන්ඩ හදන්නෙ හරි ආදරෙන්.කොන්ඩෙ ඔක්කොම එකට එකතු කරල ගහල තියන නිල්පාට කොන්ඩ කට්ට සුලඟ එක්ක ඔච්චම් කරනව.හරි ප්‍රිය මනාප පෙනුමක් තියන නිමේෂව මේ කැරලි කොන්ඩෙ තවත් ප්‍රිය මනාප කරනව.

 “හරි මම ලියල ගෙනත් දෙන්නන්..”

“ආ….මේ….ඔයා ඉස්සල සති දෙකේම ආවෙ නෑ කීව නේද?මේ පේපර් එක ෆොටෝ කොපි කරගන්ඩ…,මතක ඇතුව ඕක ලබන සතියෙ ගේන්ඩ ඈ..”

පොත්ටික බෑග් එකට දාගත්ත නිමේෂ නැගිටල බෙල් එක ගැහුව…

“මම යනව ඈ…බායි!…”

“හරි….”

බස් එකෙන් බැහැපු ගමන් නිමේෂ දුවගෙන ගියෙ ෆාමසිය ඇතුලට.

………………………………………………………………………………………
 “කෝ පුතා පොත්..”

“ළමයෙක් ඉල්ල ගත්ත නෝට් එක ලියා ගන්ඩ..”

“ඔයාගෙ පොත……”

“ඔව්…”

“හ්ම්……..””හ්ම්……..”

වෙනදා පොත අතේ අරන් නිවසට ගොඩවෙන කල්ප අත්දෙක වන වන එන හැටි දැකපු අම්ම පොත් ගැන ඇහුව.

වෙනදාට වඩා කලියෙන් ඇදට ගියෙන් නින්ද ඔහුගේ අසලකටවත් නොපැමිනේ.උඩු බැලිව වැතිරුනු කල්ප කල්පනා කරන්නට විය.

“නිමේෂ මොකද මට පංතියෙන් යන්ඩ නොදුන්නෙ…”
“පංතිය ඉවර වෙලා මම එනකන් හිටියෙ මොකද”
“මගෙන්න නෝට් එක ඉල්ලුවෙ මොකද”
“මට ටිකට් ගන්ඩත් කීව”

 නිමක් නැති සිතුවිලි වලාවක් ඇතුලෙම කල්පට නින්ද ගිහිල්ල තිබුන.
…………………………………………………………………………………………….
 “පාඩන් කරන්නැද්ද…ඊයෙත් පංති ගිහින් ආපු ගමන්ම නිදාගත්ත…දැන්වත් ඇහැරෙන්ඩ ලමයො…”
                              

“උදේම ඇහැරල වැඩ කරන එක හොඳයි…නැගිටින්ඩ ඉතින්…!!…..මම තේ ඒකක් හදන්ඩද?

සීතල වතුරෙන් මූන හෝදගෙන තේ එකත් බීල වාඩි උනේ පාඩම් කරන්ඩ.

මේසෙ ඉස්සරහ ජනෙල්ලෙ ඇරියහම වෙල් යාය මැදින් ඈත පේනව….වෙල්යායෙ කොනෙන්ම තිබෙන පාරෙ පාන්දරට වාහන ඇදිල යද්දි හරි ලස්සනයි.ත්‍රී වීල්,බයික්,කාර්,වෑන් අඳුර ගන්නෙ ඒවගෙ ලයිට් වල උස අනුව්.ඝන අන්ධකාරය මැදින් ලයිට් එලි ඇඳිල යද්දි අපූරු සිතුවමක් වගේ.
                                    පිණි බිංදුත් එක්ක හුරතල් වෙලා එන සීතල සුළඟ සීතලයි වගේම හරි තෙත්.අළුයම හිංද තාම හිරු නැඟිල නෑ.ඒ අවසරයෙන් හඳ එළිය එක්ක පිණි බිංඳු තාමත් සෙල්ලං කරනව.

……………………………………………………………………………………..
 සතියක් ගෙවිල ගියේ හරිම හෙමිහිට.වෙනදටත් කලියෙන් ලෑස්ති උනු කල්ප පංතිය ලඟට ගියා.ඒත් ඇත්තටම මොකටද පංති ආවෙ කියල කල්පට තේරුමක් නෑ.ටික වෙලාවකින් නිමේෂත් පංතියට ආව.කල්ප එක්ක පොඩි හිනාවකින් කතා කරපු ඇය පංතියට ගිහින් ඉඳ ගත්ත.පංතිය ඉවර වෙනකන් ඇගිලි ගනිමින් හිටපු කල්පට පංතිය තිබුනු පැය තුන ඉතා වෙහෙස කර උණා…

“අද කලින් ඇරිය නේද?”

“හ්ම්…”

“අනේ සොරි!….මම එද්දි පරක්කු උනා….ඔයා මොකේද නෝට් එක ලියා ගත්තෙ….”

“ආ…..හරි හරි….මම කොලේක ලියා ගත්ත….මම පස්සෙ පොතේ ලියා ගන්නන්…”

“ආ..ඔක්කොම ලීව ඇ…”

………………………………………………………………………………………….
 ………..”අයියෝ වහිනව……”….”ඔයා ලඟ කුඩයක් නැද්ද…..”…”මොකක්ද අනේ කොල්ලෙක් උනහම කුඩයක් ගේන්ඩ එපෑ…..”……
                              

…….”අර….අර..අතෙන්ට යන්…”

“මම එන්නන් ඔයා යන්ඩ ඔයා ලඟ කුඩයක් තියනවනෙ….”

“..මේ අර පේපර් එකල් ලීවද”…

“ඔව්…..”…ඇයි…. කොල්ලෙක් උනහම කුඩයක් ගේන්ඩ ඕනෙ..?.”

“ආපෝ…ඒක දන්නැද්ද?….”

“දන්නවනන් අහනවද?….”

“ඇයි වැස්සෙ කෙල්ලෙක්වත් සෙට් උනොත් කුඩේ දාගෙන යන්ඩ….”

“ආ….එහෙනන් මෙයා කුඩ ගේන්නෙ වැස්සෙ යන කොල්ලො දාගෙන යන්ඩ….”

“ඔව්….පව්නෙ…වැස්සට තෙමිල ලෙඩ උනොත්…..”

“අනේ මෙයාගෙ අනුකම්පාව……”

…………………………………………………………………………………..
 “අයියෝ…මේ වැස්ස ඉවර වෙන්නෙත් නෑ…”

“ඇයි මොකද හදිස්සිය…..”

“හවස පංති අනේ…”

“එහෙනන් ඔයා යන්ඩ….”

“මේ වැස්සෙ ගියොත් තෙමෙන්ඩ වෙන්නෙ…”
“ඇයි ඔය කුඩයක් තියෙන්නෙ….”

“කුඩේ එක අතකින් ඉහල ගත්තහම පොත් බෑග් එක තෙමෙනව…..බෑග් එක ඉස්සරහට කරල අල්ල ගන්ඩත් ඕනෙනෙ…”

“එහෙනන් වැස්ස ඉවර වෙනකන් ඉන්ඩ වෙනව…”

“පරක්කු වෙනව අනේ….”

“මේ ඔයාට බැරිද කුඩේ ඉහලගෙන එන්ඩ…”

“එතකොට අපි දෙන්නටම තෙමෙන්ඩ වෙනවනෙ…..”

“කමක් නෑ…පොත් ටික තෙමෙන් නැතුව තියෙයිනෙ….”

“එතකොට මගෙ පොත් ටික….”

“කෝ දෙන්ඩ මම බෑග් එකට දා ගන්නන්…”

“මාකට් එක පැත්තෙන් යන්ද….?රවුමෙන් ගියොත් තව තෙමෙනව…”

“අද වහලද දන්නෑ…ඉරිදනෙ….”

“නෑ…පොඩි ගේට්ටුව ඇරල තියෙන්නෙ…”

……………………………………………………………………………………………….

“අයියෝ වැස්සත් වැඩි කරා….තෙමෙනව අනේ!…”

ඔවුන් මාර්ගය දෙසට හැරෙත්ම වැස්ස තවත් වැඩිකලේය.තනිව යාහැකි කුඩයක් වූ එය දෙදෙනෙකුට යාමට ප්‍රමානවත් නොවීය.

“එහෙනන් මෙතන නැවතිලා යමු…”

“බෑ……පරක්කු වෙනව…”

ගමන නැවැත්වීමට නිමේශාගේ කැමැත්තක් නොවීය…කතාවක් බහක් නොමැතිව දෙදෙනා ඉදිරියට පිය මැන්නේය.

කල්පගේ දකුණු අත නිමේෂාගේ උරසට උඩින් යැව්නි.නිමේශා කල්ප දෙසට තුරුලු විය.අනෝරා වර්ෂාව නොනවත්වා ඇද හැලෙයි.නිමේෂාගේ තුරුලේ කල්පටත් කල්පගේ තුරුලේ නිමේෂාටත් උණුසුමක් දැනුනි.

නිමේෂාගේ කිචි කිචියට නැවතීමේ තිත තබලාය.කල්පද ගොලුවත රකී.කුඩය හා වැහි බිඳු ගැගෙන හඬත් දෙදෙනාගේම කකුල් වලින් පොළොව තෙරපෙම හඬත් ඇරුනු විට වෙනත් ශබ්දයක් නොනැගේ.



 මතු සබැදේ….
%d bloggers like this: