Menu Close

මගේ වෙසක්

මේ අවුරුද්දෙ වෙසක් මාසෙ ආරම්බ වෙද්දිම අපේ ජනතාව දැඩි නියං කාලගුනයකින් පීඩාවින්ද..ඒ නියගය අවසන් උනේ දැඩි වර්ශාපතනයක් එක්ක…ඒ  වර්ශාපතනය හිංද අවතැන් වුනු අපේම ජනතාව අති විශාලයි…අවුරුදු ගානක් තමන් හරි හම්බ කරගත්ත දේපල ක්ෂනයකින් විනාශවෙලා යද්දි දැනෙන හැගීම කෙබඳු වෙන්නට ඇත්ද?කොතරම් අසරණ බවක් දැනෙන්නට ඇත්ද?
                                            එදා උදේ මමයි “දුමී” බ්ලොග් එක කරන දුමින්ද අයියයි කතාකරකර හිටියෙ කොහොමද අපි මේ අපේ සමාජයේ අපේම මිනිසුන්ට උපකාර කරන්නෙ කියල……අපි දෙන්නගෙ පොඩි අදහසක් තියනව සමාජසේවා සංවිදානයක් පවත්වාගෙන යන්ඩ….ඒ ගැන තමා එදා දවසම අපි කතා කරේ…පල්ලෙහෙයි කමෙන්ට් කරද්දි දුමින්ද අයිය ඒක සනාත කරයි…
                                             අරණායක නාය යාම කොයි කවුරුත් දන්නවනෙ…ඒදා මම ගෙදර එද්දි ඔය විස්තරේ දන්නෙ නෑ .. කාල බීල ටීවී එක ඉස්සරහින් ඉඳගද්දි අම්ම කීව කෑගල්ල පැත්තෙ නාය ගිය කථාවක්…හැබැයි මට ඒගැන එච්චර සැලකිල්ලක් තිබ්බෙ නෑ…ඒත් ප්‍රවෘත්ති වලින් ඒගැන ප්‍රචාරය වෙද්දි දැනුනු හැගීම විස්තර කරන්ඩ ඇත්තටම අමාරුයි.
                       
මට එතකොටම මතක් උනේ දුමින්ද අයියව…එයාටත් කතා කරල මේ වැඩේ කරන්ඩ වැඩ කටයුතු සැලසුම් කරා…. එවලේ ඉදන් මම දන්න හැමෝටම කථාකරල විස්තරේ කීව….ඒ අතරින් මගේ මිත්‍ර “ළහිරු” ක්ෂනිකවම ප්‍රතිචාර දැක්වීම ඇත්තටම හයියක් උනා….ඔහු මාත් එක්ක පැය ගනනක් මේ ගැන කථිකා කරා..කොහොම හරි අපෙ සංවාදය නිමා උනේ ඔහු කොහොම හරි මේකට  මේකට සම්භන්ද වෙනව කියන පොරොන්දුව මත….
ඊට පස්සෙ මම අපේ සහෝදර බ්ලොග් කරුවන් ටික දෙනෙකුට විතරක් මේ විස්තරේ කීව මොකද….අනිත් අයට මාත් එක්ක සම්භන්ද වෙන්ඩ බැරිතරම් දුරක මම හිටපු නිසා….
අපේ මහේෂ් අයිය උදේම කථා කරා කතා…එයා ඒ වෙනකොට හිටියෙ පොළොන්නරුවෙ…(මතක විදිහට) මළගෙදරකට සහභාගි වෙලා…අජිත් අයියත්…සුමිත් (කමිය) ප්‍රතිචාර දැක් වුවා…ශ්‍රී ප්‍රභා (ලේ පාට හීන) අක්කත් කොළඹ හිරවෙලා ඉඳල දැකපු ගමන් ප්‍රතිචාර දැක්වූව…ඔයාල හැමෝටම ස්තූතියි….

                            කොහොම හරි දුමින්ද අයිය ගොඩක් වෙහෙස වෙලා ආධාර එකතු කරා….ගමේ ගොඩක් දෙනෙකුත් ආධාර කරා…චමින්ද අයිය….එඩ්න ඇන්ටිගෙ හස්බන්ඩ් අංකල්…ගොඩාක් අය උදව් කරා…ඒ අතරෙම මතක් කරන්ඩ ඕනෙ “චාරුක” සහ ඔහුගේ “පියාණන්ව” ඔවුන් තමයි ප්‍රවාහන අධාර දුන්නෙ….අපේ පියත් සහභාගි උනා….වාහනයේ රියදුරු ලෙස….ටැන්කූ වේවා ……

 
අපි අපේ ප්‍රථම ආධාර බෙදීම ආරම්භ කරල ආව….එහිදී දැනගත්ත වැදගත් දෙයක් උනේ ඔවුන්ට කාන්තා යට ඇදුම් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය වල අවශ්‍යතාවක් තිබෙන බවයි….අපි එහි ගෙන ගිය සනීපාරක්ෂක තුවා එකසිය විසි ගනන හැරුනු විට වෙනත් ඒවා තිබ්බෙ නෑ…..ඒ ගැන අජිත් අයියට කිව්වහම ඔහු මුදල් ආධාර දෙන්ඩ එවලේම ඉදිරිපත් උණා….ප්‍රභා අක්කත් ද්‍රව්‍යමය ආධාර දෙන්ඩ ඉදිරිපත් උනා…බොහොම ස්තූතියි…..
 
ඒත් පසුව කඳවුරට කතාකරහම දැනගත්ත ආධාර ද්‍රව්‍ය ඕනෑවටත් වැඩියෙන් ඇති බව….ඉතින් මම අජිත් අයියට දැනුම් දුන්න මේ ගැන…ඔහුගේ ආධාරය වෙනත් ස්ථානයකට ලබාදෙන ලෙස….ඒත් ප්‍රභා අක්ක කතා කරනකන් ඒ ගැන ඇයට දැනුම් දෙන්ඩ බැරි උනා සොරි වෙන්ඩ ඕනෙ අක්කෙ…
කියන්ඩ අමතක උනා….සොරි වෙන්ඩ ඕනෙ….අපේ දුමින්ද අයිය යන්ඩ කලින් දවසෙ දර පලන්ඩ ගිහින් පොරොව ඔලුවෙ වැදිල….ඒ හින්ද ඔහුට සහබාගි වෙන්ඩ බැරිඋනා…ඒත් ඔහු හැමවෙලේම මට කතාකරල අවශ්‍ය උපදෙස් දීල දිරිමත් කලා බොහොම ස්තූතියි අයියෙ……ඒ වගේම විශාල ආධාර ප්‍රමානයක් එකතු කරල දුන්න..දුමින්ද අයියගෙ උපදෙසක් මත පොඩි අයට සෙල්ලම් බඩු වගයකුයි බැලුම් වගයකුයි අරන් ගියා ගියා..තව ඉතුරු උන සල්ලි වගේකින්(අම්ම දුන්න) ටොෆී වගයක් අරන් ගියා…මේ හැම එකක්ම බෙදල දෙද්දි පොඩි එවුන්ගෙ මූනු වල ඇතිවුනු සතුට වචනෙන් විස්තර කරන්ඩ බෑ..

මනුසයො එක එක කථා කීව…මොකද ඒ වෙනකොට ඔය ආධාර දීම් ගැන එච්චර කතා තිබ්බෙ නැති හින්ද…අනෙක් ප්‍රශ්නෙ දැම්මෙ අපේ මව් තුමිය….පාඩම් නොකිරීම හා A/L ගනන් නොගන්නවා කියා…..ඒත් පස්සෙ ෆුල් සප් එකක් දුන්න…ටැන්කූ වේවා…”රුවින්දයත්” අපිත් එක්ක ගියා.උටත් ටැන්කූ වේවා!

කොහොම හරි මගේ බලාපොරොත්තුවක් තියනව විභාගය ඉවර උනහම ආය ඒ පැත්තෙ ගිහිල්ල ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලන්න…සහ සමාජසේවා සංවිදානයක් පටන් ගන්ඩ..

සුදු පාට අත් කොට එකක් ඇදන් ඉන්නෙ “ළහිරු” සුදු අත් දිග “රුවින්ද” රතු අත්කොට “චාරුක” අනෙක “මම” අනෙත් කෙනා අපෙ අප්පච්චි..

 
රසිකයා.
%d bloggers like this: