Menu Close

විසල්, මම තනියම


වැහිබින්දු වැටෙන ලා අදුරක
තනිවෙලා විලෝ පත් සෙවණක
හිදින විට අතීතේ මතකෙක
සිහිවෙනව මට නුඹව නිතරම.          

ජීවිතේසොදුරුතම යුගයක
ආදරෙන් අපි ගෙතුව සෙනෙහස
විසිරිලා ගිහින් දුර ඈතක
විසල් අද මම මෙතන තනියම.       

නිමක්නැති වේදනා දුක් ලග
ඉකි ගගහ අඩ අඩා වැලපුන,     
හිතත්දැන් හුරුවෙලා හොදටම
හදවතම වෙලාගත් අදුරට

මේ වගෙම වැසි වැටුන හවසක
වෙන් උනත් නුඹ මගෙන් සදහට
තාම මග බලන් ඉමි නිසලව
විසල් නුඹ ඒවි යැයි දවසක.
%d bloggers like this: