Menu Close

විජයග්‍රහණ සැමරුම

ජාතිකත්වය කරපින්නා ගත්තවුන්ට යුද්ධය යනු අමුතු වචනයක් නොවන බව මාගේ හැගීමයි….මක්නිසාදයත් ඔවුන් ජාතිකත්වය තුල වෛරය…හිංසනය වපුරන්නන් වන බැවිනි..අප රටේ සිවිල් යුද්ධ අවසන් වී බොහෝ කාලයක් ගතව ඇතත් තවමත් යුද්ධය නැවත වැපිරීමේ අවශ්‍යතාවයක් ඔවුනට ඇත….දෙමළු,ඕකා කොටියා ඔවුන් නොකියන ඔවුනගේ නිගමනය බව සැබෑය….

මදකට සිතන්න….ඔබ යම් රටක සුලුතරය වී බහුතරයෙන් පීඩා විදිනවා කියා….ඔබ කුමක් කරන්නෑද??….හරි මේක උන්ගේ රට කියා කට වහගෙන සිටිනවද…අයිතීන් දිනා ගැනීමට උත්සහ කරනවාද….අයිතීන් ලබා ගැනීමට උත්සහ කරනවා නොවේද?….ඉතින් දෙමල ජනාද කලේ එයම නොවේද?තමන්ට හිරිහැර පීඩා සිදුවන විට ඔවුන් ඉදිරියට ඒම සිදු නොවේද?….මෙයදුටු දමිල අන්තවාදීන් මොවුන් යුද්ධයක් කරා උසි ගැන්වුවේය…එහෙත් බහුතර දෙමල ජනයාගේ අවශ්‍යතාවය එය නොවීය….ඔවුනට අවශ්‍ය වූයේ ඒ අහිවූව ලබා ගැනීමය…….නායකයන්ට රැවටුනු ඔවුහු යුද්ධ කලහ….මිනිසුන් මැරුවේය…මා මෙහිදී කිසිඳු අවස්තාවක යුද්ධ කිරීම සාදාරනී කරනය හෝ….එල්ටීටීය සාදාරණී කරනය නොකරමි…..ඔවුන් අප මැරුවේය….අප ඔවුන් මැරුවේය….ජඩ වැඩකි..

මේ රජයේ හමුදාවක සේවය කල සහෝදරියකගේ අදහසකි…
                            “”යුද්ධය නිමා විමට පෙර සිට හමුදා සේවයෙ නියුති කෙනෙකු ලෙස මා මේ යුද්ධය ජයග්රාහන කර නොව යුද්ධය නිමාවට පත් කරා ලෙස දකිමි.තවද මේය සැමරැමක් නොව සිහි කිරීමක් ලෙස දකිමි.යුද්ධ සමයේ ඒ බිහිසුනු මරණාසන්න අවස්තාවට ගොස් ඒ මොහොතේ සිතට දැනෙන දේ අත්විදපු කෙනෙකු ලෙස මේ රටට සාමය ගෙනෙන්න මියැදුනු සහෝදර සෙබලුන්ගේ හිත් වල ඒ මොහොතේ තිබු සිතුවිලි මගෙ හදවතට දැනුන අවස්තාවක් මටද ඇත.අපි කිසි දිනක ගරිල්ලා ක්රම ඉගෙන ගත්තේ නැ.අපට කිසි විටෙක පුහුණු විම් තුල එල්.ටී.ටි ඊ සංවිධානය පිළිබඳ වෛරය ගෙනෙන වීඩියෝ පටවත් ඔවුන් කෙරෙහි කෙන්ති ඇති කරන දෑ පෙන්නුවේ නැ.හැම විටම මේ රටේ ජිවත් වෙන අහිංසක මිනිස්සුන්ට සිරිමක්වත් නොකර ඔවුන්ව ආරක්ෂා කල යුතු බව සිහි තබා ගත යුතු බව උගන්වන ලදි.එහෙත් අපේ ප්රතිවාදීන් ලෙස යුද්ධ කර අය ගේ මනස තුල ඔවුන්ගේ උපදේශකයින් තැබුවේ සිංහලයින් පිළිබඳ වෛරයක් පමණි.වෙනස එතනයි.අද ඔය සංහිදියාවක් ගැන කතා කරන බෙහෝ පිරිස් හිතලා බලන්න.අදටත් ජිවත්ව සිටින ඔවුන් සංහිදියාවේ දෑත් දිගු කරනවා වෙනුවට කතා කරන වචනයක් තුල තිබෙන්නේ වෛරයකු පමණි.””

මෙහි ඇති පැහැදිලිම කරුන නම් යුද්ධයට හේතුව වෛරය බවයි….එහෙනන් කල යුත්තේ වෛරයට බෙහෙත් කිරීම නොවේද…..යුධ සැමරුම් පැවැත්වීමෙන් වෛරයට සහනයක් ලැබේද??
                   ….මෙසේ සිතන්න ඔබේ හිතවතෙකු කවුරුන් හෝ මරා දමා ඔහුවමරා දැමීම වසරක් පාසා සමරනවා කියා….ඔබට කුමක් සිතේද?දැනේද?…..ඔබ තුල පැවති වෛරය සංසිදේද?…ඔවුන් කෙරෙහි ප්‍රමය හටගනීද?…………..එසේ හෙයින් යුද්ධය සැමරීමෙන් පලක් තිබේද?
                              

                  අනෙක් කරුන නම් සිහි කිරීමයි…..යුද්ධයක් අවසන් වීමක් යනු ජීවිත බොහෝ ප්‍රමාණයක විනාශයෙන් ලඟා කරගන්නා වූ දෙයකි..ඉතින් සැමරීමක් නොව සුසුම් හෙලීමක් නම් කල හැක…..
                      කථිකාව ඇත්තේ යුද්ධය අවසන් වූ පසුවය…අවසන් වූ යුද්ධය සැමරීම ගෝත්‍රික සංකල්පයක් යැයි මාගේ හැගීමයි……මහා ජාතිය ලෙස අප යුද විජයග්‍රහනය සමරමින් පාටි දානවා නම් පරාජිතයන්ටද එය සැමරීමට අවස්ථාවක් දිය යුතුය…
                              ඔවුන්ද විමුක්තිය වෙනුවෙන් සටන් කලහ අපද විමුක්තිය වෙනුවෙන් සටන් කලහ…එසේ නම් දෙපිරිසම ඔව්-නොවුන් වෙනුවෙන් සටන් කලහ……එසේ සටනක් නැවත ඇතිවිය යුතු නොවේ….එසේනම් අප කලයුත්තේ කුමක්ද?ඇතිවිය හැකි හේතූන්ට ප්‍රතිකාර කිරීම නොවේද?
                              
                ප්‍රතිකාර කර ඒ හේතූන් විනාශ කිරීම නොවේද? ඒවා නැවත හට නොගන්නා ලෙස සුව කිරීම නොවේ ද?උදාහරනයක් ලෙස කකුලේ කට්ටක් ඇනුනා යැයි සිතන්න උඩින් කට්ට ගලවා හරි කට්ට අයින්කරා කියා උදම් අනන විට ඇතුලේ කෑල්ලක් තුබුනොත් කකුල පැසවනවා නොවේද….ඒ ඇතුලේ ඇති කට්ටද අයින්කල පසු උදම් ඇනීම කල යුතුය…

[රසිකයා]

%d bloggers like this: