Menu Close

කහ රෙදිකාරයෝ

සංඝයා වහන්සේලා එහෙම නැත්තන් හාමුදුරුවරු මා දන්නා හා අසා ඇති පරිදි බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝය,බුද්ධ පුත්‍රයෝය.එසේම මා දන්නා පරිදි බුදුරජාණන් වහන්සේ යනු වෛරය,ක්‍රෝදය,පළිගැනීම පිළිකුලෙන් යුතුව බැහැර කළහ.ඉතින් බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝද එසේ විය යුතුය.එම මාර්ගය අනුගමනය කල යුතුය.ගමේ ගොඩේ කථාවට අනුව තාත්ත වගේ නැති වුන්ට තාත්තගේ දරුවන් යැයි කියනු නොලැබේ.ඒ හෙයින් බුදුන් වහන්සේ අනුගමනය නොකරන වුන්ට සංඝයා වහන්සේලා යැයි කිව හැකි නොවේ.ඉදින් ඔවුන්ට කිව හැක්කේ කහ රෙද්දක් පොරොවා ගත්ත වුන් කියාය.රෙද්දක් පොරොවා ගන්නවාට වඩා ඔබට එයින් කලිසමක් හා කමිසයක් මසා ඇඳ ගැනීම වඩාත් පහසු වනු ඇත..වඩින්නේ ලෑන්ඩ් රෝවරයෙය.ඉඳ ගන්නේ පට්ට පුටු වලය.පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන්ය.ගෙවන්නේ මොනරුන්ගෙන්ය.ඉතින් ගිහි අපත් සිවුරු පොරවා ගත් ඔබත් අතර වෙනසක් තිබේද?බැදී සිටින්නේ ඇලී සිටින්නේ ලෞකික වස්තූන්ට නොවේද?බුදුන් වහන්සේ භික්ෂූන්ට මුදල් භාවිතය අකටයුත්තක් යැයි දේශනා කර ඇති බව නොදන්නේද?නැති නම් බුද්ධ දේශනාව ගනන් ගන්නේ නැතිද?කාමසුකල්ලි කානු යෝගය බැහැර කල බව නොදන්නේද?උගෙන නැතිද?අන්‍යාගමිකයන් හදන්නේ කුමකටද?ඔවුන්ට ගරහන්නේ කුමකටද?උන්ට පාඩුවේ ඉන්ට දෙන්නෑ නැතිද?බුදු රජානන් වහන්සේ එසේ කල එක අවස්තාවක් පෙන්වන්න.බුද්ධ දර්ශනය විනාශ කරන්නෑ ඔබලාය.කරන්න යැයි අනුදැන වදාල දේ නොකරති….නොකරන්නයැයි අනුදැන වදාල දේ කරති…බුද්ධ දේශනා පඩේකටවත් ගනන් නොගන්නේ නුඹලාය.මහණ වෙන්ඩ පටන් ගත් තැන සිටම.නිකාය ලෙස භෙද වන්නේ නුඹලාය.දර්ශනය විනාශ කරන්නේ අන්‍යාගමිකයින් නොව හාමුදුරු වේශයෙන් සිටින කහරෙදි කාරයෝය.මෙය ලීවේ බොග දමන්න්ට පැමිනි ඔබ වැනි කහ රෙදි කාරයන්ටය.ලෞකික සතුට සොයන ඔබට හැකිනම් පිළිතුරු දෙන්න නැතිනම් පලා යන්න….

%d bloggers like this: