Menu Close

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්….(අවසාන කොටස)

කලින් පෝස්ට් එක බ්ලොගර් වල මොකක් හරි අවුලක් නිසා තුන් පාරක් පබ්ලිෂ් වෙලා තිබුණා. ඒක හන්දා මට වැඩිපුර පබ්ලිෂ් වෙලා තිබුණු පෝස්ට් දෙක ඉවත් කරන්න වුණා. ඒකට කමෙන්ට් දාපු හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා.

පෙර කොටසින්… 
අපි බලාපොරොත්තුවෙන් ආපු දේ කිසි අඩුවක් නැතුව සම්පූර්ණ කරගත්තු අපිට මේ සේරටම පස්සේ තව වැදගත් තීරණයක් ගන්න සිදුවුනා…….

අද එතැන් සිට…
        ඒ වෙන මොකුත් නෙමෙයි. මමත් තූර්යත් පහලට බැස්ස හන්දා ආපහු උඩට නගින්න කම්මැලියි වගේ. ඒ නිසා අනෙක් සාමාජිකයෝ දෙන්නට පහලට එන්න කියමුද කියලා. ඊට පස්සේ අපි ආපහු කල්පනා කරලා තීරණය කරා දුම්රිය මාර්ගයේ ඒ කොටසත් බලාගෙනම යමු කියලා අපි දෙන්නා ආපහු මාර්ගයේ ඉහල කොටසට නගින්න තීරණය කලා. 
තූර්යගෙ ඈංගල්ස්

තූර්යගෙ ඈංගල්ස්
        කලින් ආපු නැති පාරවල් දිගේ තේ වතු අස්සෙන් ගිහිල්ලා කැරකිලා කැරකිලා අන්තිමට රේල් පාර හොයාගත්තා. 
ආපහු තේ වතු හයික්..
        අපේ සාමාජිකයෝ දෙන්නත් මුණ ගැහුනා. අපි දැකපු සංසිද්දිය නම් මේ දෙන්නට බලාගන්න වුනේ නැහැනෙ. ලහිරු ප්‍රවීන් දෙන්නට මම පෙන්නුවා පාලමක් ඒකට නැගල පින්තූර ටිකක් ගන්න කියලා. මේ දෙන්නා පාලම දැක්ක ගමන් බය වෙලා. 😀
මේ තියෙන්නෙ පාලම.  මේ පාලමට යටින් කෝච්චි පාර යන්නෙ
මේක වතු සේවකයන්ට එහා මෙහා යන්න හදපු එකක්.
දැක්ක ගමන් ප්‍රවීන්ට හිතුනලු මේක කඩා වැඩෙයි කියලා 😀
        පාලම දැක්ක ගමන් ප්‍රවීන් බය වුනාලු මේක කඩාවැටෙවි කියලා. ප්‍රවීන් කොහොමත් පාලම් වලට පොඩි බයක් තියෙනවා විශේෂයෙන් පතුල පේන පාලම් වලට. මෙන්න සාක්කි. 😀 කෙහොම වුනත් ඒ දෙන්නත් ලස්සන පින්තූර ටිකක් අරන් තිබුණා. මේ තියෙන්නෙ කිහිපයක්.
ඔය එන්නේ ලාම්පුවත් පත්තු කරගෙනම
කොහොමද වංගුවෙ සැර?
ඉන්දරේගෙ වැඩ..
       ලහිරු අරගෙන තිබුණෙ වීඩියෝ  එකක්. මේ තියෙන්නෙ ඒක.